Saturday, January 26, 2008

ඉතිරි කතාව

සුළඟ ඉවාන්ව දැකලා ඔහුට කතා කළා.
‘‘ ගමරාල නුඹ මාව බලන්නට ආවේ මොකට ද ? සුළඟ ඇසුවා.
‘‘ බඩගින්නේ ඉන්න මගේ දරැ පැටවුන්ට කැද උයා දෙන්නට පිටි ටිකක් ඉල්ලා ගෙන මම මහා පාරට ආ හැටියේම ,නුඹ ඇවිත් මගේ පිටි ටික ඉහිරැවා හැරියා. මම හිස් අතින් ගෙදර යන්නේ කොහොම ද ? ” ‘‘ මා අතින් සිදුවූ වරදට නුඹ කේන්ති ගන්ඩ එපා. මම නුඹට අපූරැ මේස රෙද්දක් දෙන්නම්. එය මේෙස් උඩ එළලා නුඹට ඕන කෑම ජාති ඉල්ලාපන්. එකවර ඒවා ලැබේවි. ඉවාන් බොහොම සතුටු වෙලා සුළඟට හිස නමා ආචාර කරලා මේස රෙද්දත් අරගෙන ගෙදර ගියා. දුප්පත් ඉවාන් ගෙදර ඇවිත් මේෙස් උඩ රෙද්ද එලලා මෙහෙම කිව්වා. “ ෙම්ස රෙද්ද මේස රෙද්ද මට කෑම දෙන්න, බීම දේන්න කීවා විතරයි, පාන් ,කේක්, මස්, සුප්, උැරු මස් , කැද ජාති වලින් මේසය පිරැණා. ළමයින් සමග එකතු වෙලා දුප්පත් ඉවාන් කා බී නින්දට ගියා. පසුදා උදේ කෑමට වාඩි වුණ හැටියේ ම පොහොසත් ඉවාන් මල්ලිව බලන්ට ආවා. පොහොසත් ඉවාන් කෑම වලින් පිරැණ මේසය දැකලා ඊරිසියාවෙන් රතු වුණා. කොහොම ද මල්ලියේ නුඹ පොහෙසත් වුණේ. පොහොසත්කම කොහොම වුණත් නුඹට කෑම ටිකක් දෙන්නට පුළුවන්” කියලා දුප්පත් ඉවාන් අය්යාට කිව්වා. මම නුඹට ගෙවන්ට ඕන පිටි හොන්ඩරය දැන්ම දෙන්නම්. ‘‘මේස රෙද්ද මේස රෙද්ද මට පිටි හොන්ඩරයක් ගෙනෙන්න” කීව හැටියේම මේසේ උඩ හොන්ඩරයක් බර පිටි මිටියකි. පොහොසත් ඉවාන් පිටි මිටියත් අරගෙන කතා නොකර ගෙදර ගියා. පොහොසත් ඉවාන් හවස් වුණ හැටියේ ම දුප්පත් ඉවාන්ව හොයාගෙන ආවා. ‘‘ මගේ හොද මල්ලියේ , මට පිහිට වෙයන්. මාව එළවන්ට එපා. අල්ලපු ගමේ පෙ‍ාහොසත් ගොවියෝ අපේ ගෙදරට එනවා. මගේ ගෙදර දර නැහැ.පාන් නැහැ, බීම නැහැ. එක පැයකට නුඹේ අපූරැ මේස රෙද්ද දීපන් මට පිහිට වෙයන් මල්ලියේ ” පොහොසත් ඉවාන් කීවා. දුප්පත් ඉවාන් මේස රෙද්ද අය්යාට දුන්නා, පොහොසත් ඉවාන් , පොහොසත් ගොවීන් හොදට කෑම බීම විලින් සතුටු කරලා , අපූරැ මේස රෙද්ද පෙට්ටගමක හංගලා නිකම්ම නිකම් මේස රෙද්දක් දුප්පත් ඉවාන්ට දුන්නා. නිකම් මේස රෙද්දත් අපූරැ මේස රෙද්ද වගේමයි. වෙනස හොයන්ට බැහැ. දුප්පත් ඉවාන් අය්යාව විශ්වාස කරල‍ා නිකම් මේස රෙද්ද ගෙදර ගෙනවා. බෙහෝම ස්තූතියි මල්ලියේ ‍ොබහොම හොදට කැවා කෑවා කියලා කිව්වා ඉව‍ාන් ‍ෙගදර ඇවිල්ලා මේස රෙද්ද මේසේ උඩ එලලා මෙහෙම කිව්වා. මේස රෙද්ද මේස රෙද්ද කෑම ගේන්න ’ මේසය හිස් කැම කිසිවක් නැහැ. දුප්පත් ඉවාන්පොහොසත් අය්යා ලගට දුවගෙන ගිහිල්ලා ‘ අය්යේ නුඹ මගේ ෙම්ස ෙරද්දට ෙමානවද කළෙේ කියලා අැහැව්වා.මම කිසිෙදයක් දැක්ෙක් නැහැ
දන්ෙනත් නැහැ
නුඹෙන් ගත් මේස රෙද්ද නුඹට ආපහු දුන්නා. පොහොසත් ඉවාන් කීවා.